Tuesday, February 23, 2010

මගේ පැරණි කවි පහක්


දොඩමළු ආත්මය

ජීවිතයේ සිහින රැඳුනු එක්මත් එක මුල් පිටුවක
මතකයේ රේඛා දිවගිය දිවියේ රතුඉර කෙළවර
පටුනෙන් ගිලිහී විසි වූ අවසර නැති පිටු අයිනක
කුරුටු අකුරු පෙළක තැබුනු අහඹු විරාමෙක සලකුණ

ඇසිල්ලකින් පොදි බැඳ සිටි මතක වස්ත්‍ර ගිලිහෙද්දී
සO සාරේ පිය සටහන දූලි ගොඩක යටවෙද්දී
ඉර හඳ අඳුරත් එළියත් ගෙන කාලය දුර යද්දී
සීතල අඳුරම පමණක් මගෙ තනියට නවතිද්දී

දිනකරයේ රැස් සිපගත් මුකුලිත මල් පෙති නැටුමක
පෙති ගිලිහෙන ලෝ දහමක වගතුග හෙළි වූ මොහොතක
අත්වැල් බැඳ ගිය සිහිනෙක ඇස් ඇහැරුනු ඝන අඳුරක
සෙවනැලිවත් ඉතිරිව නැති මිනිසුන් සමඟිනි අද මම


හීන හතෙන් එහා ඉමට

පිලේ ඉඳන් බිO කරුවල වැටෙනා යාමෙට
හරිබරි වී වාඩි වුනේ හීන මවන්නට
අත්තම්මගෙ සුරOඟනා කතා අහන්නට
තුරුලු උනා මට මතකයි පුO ච් දවස්වල

සිහින පිරුණු සුරOඟනා කතා වලින් පැන
කුමරියකගෙ අත පතන්න දුෂ්කර ගමනක
රාජ කුමාරයො බොහොමයි සුදු අසු පිට එන
සතුටු උනා ඒ තුළ පැළපදියම් වී හිඳ

තණ අග රැඳි පිනි බිඳුවක් විය මුලු දිවියම
මිටමොලවා ගත් සිහිනය වියැකුණි හිස් කුස
හීන හතෙන් එතෙර වෙද්දි හිරු නැති ලොවකට
විලාසිනී කඳුල පමණි උරුමය දෙනෙතට


සුවිසැරි රාත්‍රිය

සහසකරව බබළවමින් වඩින සඳ
එන මග බලා සිටි රැය නම් රුවැති ලඳ
දෙදෙනා එක්ව සමරන මේ පළමු රැය
කළ එළි කිරීමට තරු නෙතු පිය සලත

සඳ ඒළියෙන් මුකුලිත ඇය උවන පුරා
සුසිනිදු නීල සළු සඳ එළියෙන්ම සරා
බඳේ වෙලී දැවටෙන සෙනෙහස උතුරා
පිනි කැට පළස මත වැතිරෙයි සුසුම් නුරා

දසත පුරා මද සුළඟින් සුවඳ ඇතී
විසුළ සඳ කිරණ කඩුපුල් සුමුදු පෙතී
ඔඳ වැඩි දනන් සේ ගඟ දිය ගලා යතී
හිමි හා අඹුන් තාලෙට පය තබා යතී


THE SUICIDE


රාස්සිගේ අවුව වැටී
දිය රැළි තව බැබලූවා
රුදුරු යකින්නියක ලෙසේ
අඳුරද මා ගිල ගත්තා

මා ගත ගොදුරට ඉල්ලන
වෘක පිරිස විය දියකඳ
බලන බැල්ම ගින්නක් නම්
මා වත අළු වනු නියතය

සසරම කළකිරුනා වුව
මොවුනට බිලි වන්නෙ කෙලෙස
ජීවිතේම,නොකල වරදකට
දඬුවම් ලැබීමක්ද ??


විප්‍රයෝගය

මා අතැර
සියොලඟ මා නිසල
මේ භව කතරෙන් එතෙරට
ඈත නිස්Oසල අරනක
මතකය පමණක් හදවත දිගහැර
ඈතට ඈතට දුර යන අරුමය

අඳුරට ලොබ බැඳ
දුර යන කාලය
ඔබ මා අපගේ සියලුම මතකය
නොසලකමින් තව තව දුර යන කල

ඇරෙන වැසෙන මා නෙතුපිය අද්දර
නොමද සැලෙන මා හදවත අභියස
සිටින්නේ නුඹයි දකින්නේ නුඹයි

වරින් වර නැගෙන
එසවෙන නැOවෙන
දැවෙමින් සැලෙමින්
හදවත පාරන
වියොවක මතකය
ඒ නුඹ පමණය.

MIDNIGHT