Wednesday, September 24, 2008

කවි කතාව

උල ලේන විලාපය

දිනකරයද ගිලගත් ගොම්මන් යාමේ
මුලු ලෝකය නින්දේ ගිලගත් මොහොතේ
මා විතරක් තුන්මන් හන්දිය මැද්දෙන්
නිවස බලා හනි හනිකට පිය මැන්නේ

පාලම ලඟ තුන්මන් හන්දිය පසුවු
කැලෑ රොදකි මා නිවසට දෙපසින් වූ
බියකරු විලාපයකින් මා ගත ගැහුණූ
උල ලේනෙකි මා හට අනතුරු ඇඟවූ

මුලු ගෙපැලම අඳුරේ ගිලගෙන තිබුණී
මිදුලෙහි තැනින් තැන මිනිසුන් ඇස ගැටුණී
නිවසෙහි සිටියේ වියපත් මෑණියො පමණී
නිසල බියක් ගිනි දැල් මෙන් පැන නැගුණී

ඉතිරිය පසුවට . .



ඉදිරියට දිගහැරෙන උල ලේන විලාපය

නොඉවසිල්ල වැඩි විය මා හදවතට
දිවුවේ ඉදිරි කටු පඳුරුත් දැක දැකම
මවට කුමක් වී දැයි හද ගැහි ගැහිම
පය පැටලී ඇද වැටුනේ මිදුල මැද

පෝරණුවේ උඩ තිබු චිමිණිය වැටිලා
කටින් ගිය ලෙයින් මල් හැට්ටය පෙඟිලා
ගෙබිම මැදම වැටී මළ මා මව් දැකලා
නිලOකාර වී නෙත මා ඇද වැටුනා

වෙනදාටද වැඩියෙන් ගොම්මන අඳුරුයි
ඈතින් පේන කැලෑ රොදද අද නිසලයි
පාලම යටින් ගලනා නිල් දියද බොරයි
හමනා සුළ0 මුහුණත වෙනතකට බරයි


දිග හැරුමක අවසානය

දොරකඩ ලඟ ඇති බOකුව හිස් වීලා
අදටද වේය තුන්මාසය පසු වීලා
කාලය නොයන්නේ ඇයි මා අත හැරලා
ඊයේ වැනිය මව මා තනිකර දාලා

බිO කරුවල පසු වී රැය පැමිණෙනවා
කණ මැදිරින් මකුලු දැලේ දඟලනවා
පළඟැටියන් මොර දී දැල්ලට එනවා
අනෝරාවෙ මග මැඬියන් පවසනවා

වOගුව ලඟින් පෙනෙනා පාලම දෙසට
මිදුලට බැස්ස විට නෙත දිව යයි සැනෙන
මවු මළ පුවත සැල කල උල ලේන් හඬ
හොල්මන් කරයි මා සිත තුළ නිරතුරුව...

නිමි.

1 comment:

Sanjeewani said...

ah baya kathavak wage :d

ikmanata ithuru tikath daanna ithin padam wada padu karaganne nathuva