Tuesday, September 23, 2008

පබැඳුම


අයාලේ ගිය එය

දැවෙමින් වැටෙන උල්කාවක් වීය එය
වැටුනොත් වෙන විනාශය නොදැනුනි එයට
එය එන පෙරමගට පොළවක් නොවී නුඹ
හරස් වුනේ ජල කඳක්ම වී එයට
නුඹ... නන්තවූත්, සේනේහවූත්, බැඳියාවයි





සිහිනයක්ම විය ඔබ මට බොඳවුනු

ටිකෙන් ටිකට මළ ඉර බැස ගෙන යනවා
මද සුළඟක් ගස් අග පිසගෙන එනවා
කෑගසමින් රැහැයි රැලක් පියඹනවා
උන්ගෙ නදට මා හදවත ගැස්සෙනවා

අප දෙදෙනා හමු වූ නිල් දොළ නිසලයි
ඔයට උඩින් ඇති ඒදන්ඩත් පාලුයි
නිහඬ බවින් මිරිකුණු මිනිසුන් අතරින්
ඔබට ලඟින් මාගේ පියවර ගත්තේ

පාරේ බොරළු හඬ මතකය වියකන්නේ
කෙමෙන් කෙමෙන් සොහොන් බිමට ලංවන්නේ
අවාසනාවන්තයි මා නෙත මෙලෙසේ
දැකුමට මා හැර ගිය ඔබ අකාලයේ








නිවන

නිස්සාර දිවියේ
සිත්සාර සැපත




කිලිටි සිත

සුවිසල් බෝ ගසක්

මැදි කොට තැණුනූ
සුදු වැලි ඇතිරූ මලුව වැනි



ජීවිතය


එගොඩ වෙන්න පහුර මතට නැගුණාම
රැලි පිට රැලි ඇවිත් පහුරේ හැපුනාම
අනන්ත වූ මහා දිය කඳ දුටුවාම
දෑතට හබල බර වැඩි දැයි සිතුණි මට




















2 comments:

Sanjeewani said...

හබලත් බර වැඩි වී මුදු දමා යා නොහැකිය අතරමග අතරමන් නොවී හෙට දින . .
තවත් අරුත් පිරි නිර්මාණ කරන්නට දිරිය බිඳක් මෙන්න මගෙන්

Raven said...

කවි නිර්මාණ ලස්සනයි. දිගටම ලියන්න. සිංහල බ්ලොග් කියවනයට එකතු කරගන්න අයදුම් කලානම් වැඩි පිරිසකට මේ නිර්මාණ කියවන්න පුලුවන් වෙයි.

http://blogs.sinhalabloggers.com/add-blog